Monday, December 5, 2016

පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්........

පාට නැති මල් ඔහේ පැද්දෙයි දකින්නට හොඳ සිහිනයක්
කාට තිබුණත් කෝ එවන් පින ලබා ගන්නට නෑ ඉඩක්
රෑට සුසුමන් දකින සුරපුර ඉසුරුමත් වූ ජීවයක්
තීට සුභවෙයි නුදුරු දිනයක නැකත්කරු කීවා දිනක්

පියා නැති පොඩි එවුන් මහගෙයි බිත්ති අතරට හිර කරන්
ගියා නොව සිදුවුණා යන්නට පපුව එදවස ගිණි අරන්
නොයා ඉන්න හිත බල කරත් දිවි ගමන රැදුණේ දුක අරන්
සොයා ගියමුත් කාසි රැදුණේ කතරෙ අපා දුක හැම දරන්

දිවා උදයේ රැයේ හෝ නැත ලබන්නට පොඩි නිදහසක්
දවා රිදවයි යකඩ රත්කර වැරදි ගැන නෑ අදහසක්
ගෙවා නොතිබුණු වැටුප වෙනුවට කෑගසයි ගෙන උදහසක්
පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්

ඇඟේ දිරි නෑ වැටුපකුත් නෑ හාම්පුතු රකුසකු වැනී
උගේ දොලදුක නොනිව් ළඳකගෙ ගෙලට කඹයක් පැටලුණී
මගේ හිතවත් සොයුරියන් තව කතරෙ දුක් ගිණි විඳ ගණී
අගේ මගෙ රට එපා කතරට යන්න නරකාදිය වැනී............

29 comments:

  1. මහ ජරා රටවල් බන් ඕවා..ලාංකාවේ නොදියුණු ආර්ථිකයට හින්දනේ බන් ඔක්කොම,ගෑණු උන්දැගෙ පඩියට වඩා තමන්ගේ පඩිය වැඩි කරගත්තට. මේ අහිංසක මිනිස්සු ජීවත් වෙන්නෙ කාට හම්බෙන සොච්චම් පඩියෙන් ද කියලා හිතුවෙ නෑනෙ බන් අපේ රටේ දහජරා නායකයෝ

    ReplyDelete
    Replies
    1. උඹ හරි රෝමෝ. කොච්චර කතා කෙරුවත් විසඳුමක් තවමත් නැති ප්‍රශ්ණයක්. වගකිවයුත්තන්ට මේවා තවත් එක ගැටළුවක් විතරයි. අනේ මන්දා බං.

      ජයවේවා!!!

      Delete
  2. ප්‍රස්තුතය හොඳයි, කවියත් හොඳයි.. පොඩි පොඩි අඩු පාඩු ටික තුන් හතර සැරයක් කියවන කොට උඹටම පෙනෙයි...

    නමුත් ඉතින් ඕකට සොලියෂන් එකක් නෑ දුමියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතේ. මේකෙ අඩුපාඩු ටිකත් කිව්වොත් නේද හොඳ.? මොකද අපි වගේ ආධුනිකයන්ට කරන පට්ට උදව්වක් ඒක. ඒත් ඉතින් මාතා වගේ කවි මවන එකනම් තාමත් හීනයක්. ස්තූතියි මාතේ උඹට.

      ජයවේවා!!!

      Delete
    2. තව දවස් දෙක තුනකින් හරි තව කවි දෙක තුනක් ලිව්වයොන් පස්සෙ හරි ආයේ මේක කියවපන්... එතකොට උඹටම අහු වෙනවා...

      Delete
    3. ස්තූතියි මාතේ. එක පේළියක වචන දෙකක් එහෙ මෙහෙ කෙරුවා.

      ජයවේවා!!!

      Delete
  3. මගෙ ප්‍රියතම කවි නිසදැස් ප්‍රවේශයක් මල්ලිත් ලස්සනට ලියල.හරිම ලස්සනයි
    ඔයාගෙ කවි පෙලට ගැලපෙන උතුම් කටයුත්තක මමයි මගෙ යාලුවොයි අද කලා.ඔය වැනි පවුලක අසරන තත්වයෙන් ගොඩ එන්න උදවු කලා,,එකෙ පෝස්ට් එකක් හෙට අනිද්ද පල කරන්න කටු සටහන් ගල තියෙන්නෙ.දේවහූව පැත්තෙ පවුලකට උදවු කලේ'
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තූතියි අයියේ.
      ඒකනම් ගොඩාක් හොඳ වැඩක් තමයි. පින්. ඉදිරියේදී ඒ විස්තර කියවන්න බලාගෙන ඉන්නවා.

      ජයවේවා!!!

      Delete
  4. මේ ප්‍රශ්න එදා දැක්කා. අද අහනවා, කියවනවා. මෙතනත් වෙන්නේ කිසිම හොයා බැලීමක්, නියාමනයක් නැතුව යවන්නන් වාලේ යැවීම සහ යන්නන් වාලේ යාම. වෙනත් රටවලත් මේ සේවයට යන අය ඉන්නවා. අපේ අයව අන්තිම අසරන කරලා තියෙන්නේ. ඉන්දියාව වගේ රටවලින් එන අය පිලිබඳ ඒ ඒ අංශවලින් යම් සොයාබැලීමක් කරනවා. අපි එහෙම නැහැ.

    ඉරිදට යන සමනලී නාට්‍යය බලන්න. ඒ පනිවිඩය වටහගන්න පුලුවන් නම් මේ රැවටීම අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි අරූ. අපේ රටෙත් සොයාබැලීම් නැත්තෙම නෑ. ඒත් ඒවා කොතරම් දුරට සාර්ථකද කියන එකයි ගැටලුව. මෙතනදි මටත් හිතුණේ ඇයි රට යවන එක තහනම් කරන්න බැරි කියළා.( ගෘහ සේවයට) ඒත් ඒ උදවියට අපේ රටේ හොඳ වැටුපක් සහිත රැකියාවන් තියෙනවද කියන එකත් ගැටළුවක්.
      ඔය කියන නාට්‍යය විකාශයවෙන වෙලාවක් දන්නවද ?

      ජයවේවා!!!

      Delete
    2. අයිටීඑන් හැම ඉරිදාම 7.30

      Delete
    3. ස්තූතියි. වෙලාවක් ලැබුණොත් බලන්නම්.

      ජයවේවා!!!

      Delete
  5. අපූරුයි දුමී මේ පද බොහොම සුන්දරයි ඒත් ඒ පද ඇතුලේ තියෙන කතාව බොහොම දුක්බරයි.කවියේ සමහර පද පොඩ්ඩක් වෙනස් උනානම් තාලය නොබිඳී තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි. ඇත්තටම දුක්බර සමාජ ගැටළුවක් මේ.
      ශානි කියන්න පුලුවන්ද මේකෙ එහෙම තාලය බිදෙන තැනක් ගැන.

      ජයවේවා!!!

      Delete
    2. මම ලිව්වනම් මේ දෙවෙනි කවියේ අන්තිම පද දෙකත් තුන් වෙනි කවියේ අවසන් පදයත් වෙනස් කරනවා

      Delete
    3. එහෙමද? බලමු. තව වෙනස්කම් ටිකක් කරන්න.

      ජයවේවා!!!

      Delete
  6. ඇත්තටම ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහෝ.

      ජයවේවා!!!

      Delete
  7. ඉස්සර ගැහැනියව නඩතුතු කලේ පුරුෂය අද එකෛ අනෙක් පැත්ත හැබැයි මේ හැම දේම සමාජ නිෂ්පාදනයෙ ඵලයක් කවිය හොදයි නමුත් සංස්කරණය කරන්න කියවලා බලලා ජය..

    ReplyDelete
    Replies
    1. සමාජෙ වැරද්ද මොකද්ද, වරද කාගේද , වරද ඇතිවීමට හේතුව ආදිය තවමත් ගැටළු.
      අදහසටත් මේ වගේ අඩුපාඩු පෙන්නලා දුන්නාටත් ස්තූතියි උපේක්ෂා. මේ අදහස් මට ශක්තියක්.

      ජයවේවා!!!

      Delete
  8. අපුරුයි දුමින්ද.. දුමී නම් කවී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ..

      ජයවේවා!!!

      Delete
  9. දුමී, මේ ප්‍රශ්න වලට තියන විසඳුම හරි ලේසි දෙයක්.. ඒත් බහුතරයක් දෙනා ඒ විසඳුම පිළිගන්න ලැස්ති නැ.. ඒ විසඳුම තමයි තමන් ලඟ දැනට ඇති දෙයින් සැනසීම.. සතුටින් ජීවත් වෙන්න මහා ලොකු දේවල් ඕන වෙන්නේ නැ දුමී..

    මෙන්න මේ දේත් ලියලා යන්න හිතුනා දුමී මම අවුරුදු 5දි විතර කියවපු කතාවක්... දවසක් චිත්‍ර අඳින්න පුරුදු වෙන කෙනෙකුට ගුරුතුමෙක් කිව්වාලු චිත්‍රයක් ඇඳලා හතරමං හන්දියක හැමෝටම පේන්න තියන්න කියලා වැරදි තියන තැන් සළකුනු කරන්න කියලා.. අනිත් දවසේ අර සිසුවා ඇවිත් බලනකොට මුලු චිත්‍රයේම හැම තැනම සළකුනු කරලලු..

    ඉතින් ගුරුතුමා කිව්වලු තවත් චිත්‍රයක් ඇඳලා එතන තියන්න කියලා හැමෝටම පේන්න.. හැබැයි මේ පාර කිව්වේ වැරැද්ද මොකද්ද කියලා ලියලා යන්න කියලා.. දන්නවද දුමී.. අර වැරදි පෙන්නලා යන්න කිව්වම මුලු චිත්‍රය පුරාම සළකුනු කල කිසි කෙනෙක් අනිත් දවසේ ඒ වැරැද්ද මොකද්ද කියලා ලියල ගිහින් තිබ්බේ නැ.. දැන් දුමීට වැටහෙන්න ඕන මම මොකද්ද කියන්නේ කියන එක..

    දුමී තමන්ගේ ගමන තමන් හදා ගන්න ඕන..අවට ඉන්න අය අතරින් ඇත්තටම උදව් කරන කෙනෙක් හොයා ගන්න එක කන කැස්බැවා විය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක් දුමී.. එය වටහාගෙන ඉදිරියට යන්න.. අනිත් එක නියපොත්තෙන් කඩන්න පුලුවන් තැන් පොරවෙන් කපන තැනට එන්න කලින් තමන් හිතන්න ඕන කරන්නේ මොකද්ද කියන එක..

    ReplyDelete
    Replies
    1. එකඟයි. සතුටිම් ජීවත් වෙන්න මහාලොකු දේවල් ඕනෙම නැහැ තමයි. මුදල් කියන දෙය අපිට ඕන වුණත් මේ වගේ තත්වෙකට පත්වෙලා දුක් විඳින්නෙ නැතුව මව් රටේ ඉඳන් කරන්න ස්වයං රැකියාවක් කරන්න බැරි කමක් නැහැනෙ හීන දකින්නී.

      ඔව්. ඔය කතාව මීට කලින් මටත් කවුරුහරි කියලා තියෙනවා වගේ මතකයක් ආවා. පොඩි කතාවක් වුණත් මහා ලොකු පාඩමක් ඒක ඇතුලේ තියෙනවා.

      කුඩා දරුවෙකුට හොඳ මග පෙන්වීමක් මුලින් අවශ්‍යයි ඉදිරි ගමන සාර්ථක කර ගන්න. ඒ වගේම යම් දෙයක ආධුනිකයෙක්ටත් නිසි මග පෙන්වීමක් අවශ්‍යයි. එහෙම වුණොත් තමයි තමන්ගෙ ගමන තමන්ටම සාර්ථකකර ගන්න ලැබෙන්නේ හීන දකින්නී. කන කැස්බාවගේ කථාව හරි තමයි. හැමදාමත් වගේ කියාදෙන මේ අදහස් ගොඩාක් වටිනවා හීන දකින්නී. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  10. ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete
  11. අද කාලෙට ගැලෙපන ටොපික් එකක් .. නියමෙට ලියලා තියනවා ... ලස්සනයි .. ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධනුවා.

      ජයවේවා!!!

      Delete